විදුහල්පති පණිවිඩය
ර / සීවලී මධ්‍ය විද්‍යාලය
![](/images/272933247_1014701799455012_7854276127136602574_n.jpg)
සියවසක් මුළුල්ලේ මිණිපුර නගරයේ දිදුලන අප පාසල ඉදිරි සියවසේදීත් පෞර්ෂවත් නිරෝගී සමබර සිසු පරපුරක් බිහි කිරීම මාගේ එක් වගකීමකි.
විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රීඩාව පරිසර සංවේදී නිදහස් මනසක් ඇති නායකත්ව ගුණාංග වලින් හෙබි ආදර්ශමත් පුද්ගලයකු බිහි කිරීම නතුව ඇත්තේ අප කර මතිනි.
ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලය තුල විවිධ ආර්ථික , දේශපාලන හා සෞඛ්‍ය ගැටලු නිසා සමස්ථ ලාංකීය අධ්‍යාපනය අභාග්‍ය කරා තල්ලු වී ගියේය.නමුත් අප සීවලී ඇදුරු මඩුල්ලේ හා ශිශ්‍ය ශිශ්‍යාවන්ගේ උනන්දුව හා මාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ විධිමත් වැඩපිළිවෙල නිසා අප එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව නොරහසකි.එම වසර වලදී මග හැරී ගිය ව්ශය භාහීර කටයුතු මෙම වසර තුල දී සලසා දීම තුලින් සිසු අධ්‍යාපනයට හා නායකත්ව ගුණාංග වර්ධනයට විශාල දායකත්වයක් ඉටු වී ඇත.
2022 වර්ෂයේ දී සිසුන්ගේ ගුණනැණ බෙදා දීමට අප හට ඇත්තේ කෙටි කාලයකි කාලය කලමනා කරගෙන කාර්යක්ශම සහෝදරත්වයෙන් ආලෝකමත් හෙට දිනය උදෙසා අප කාර්යයෙහි නිරත වෙමු.
සීවලී මධ්‍ය විද්‍යාලය