නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සීවලී මධ්‍ය විද්‍යාලය
![](/images/d11945dd-9f73-4503-bc50-4711bbe8d8e8.jpg)
සියවසක් මුළුල්ලේ මිණිපුර නගරයේ දිදුලන අප පාසල ඉදිරි සියවසේදීත් පෞර්ෂවත් නිරෝගී සමබර සිසු පරපුරක් බිහි කිරීම මාගේ එක් වගකීමකි
විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රීඩාව පරිසර සංවේදී නිදහස් මනසක් ඇති නායකත්ව ගුණාංග වලින් හෙබි ආදර්ශමත් පුද්ගලයකු බිහි කිරීම නතුව ඇත්තේ අප කර මතිනි.
"අනාගත වැඩ ලෝකයට ඵලදායී මනා පෞර්ෂයකින් හෙබි ගුණ ගරුක සිසුවෙකු බිහිකිරීමට අප සීවලී මධ්‍ය විද්‍යාලීය පරමාර්ථ්‍යයි.2022 වර්ශය අවසාන වීමට ඇත්තේ මසකට වඩා අඩු කාලයකි...රටෙහි උද්ගත වූ විවිධ අර්බුද හෙයින් අප දරුවන්ගේ වටිනා කාලය අහිමි විය.එම නැති වූ කාලය විෂය සමගාමී, විශ්හයානුබද්ද හා ක්‍රීඩා ද සමබරව සිදු කරමින් අධ්‍යන කටයුතු ද නිසි පරිදි සිදු කරගැනීමට අප සිසුන් හට උදවු වෙමු.
කැපකිරීම් සිදු කිරීමට සිදු වූවත් සීවලී පවුල වශයෙන් දීප්තිමත් අනාගතයක් සදහා අප නියමුවානන් සමග එක් වන ලෙස ඉල්ලා සිටිමි.
සීවලි මාතාව සැමදා දිනේවා ! "
ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලය තුල විවිධ ආර්ථික , දේශපාලන හා සෞඛ්‍ය ගැටලු නිසා සමස්ථ ලාංකීය අධ්‍යාපනය අභාග්‍ය කරා තල්ලු වී ගියේය.නමුත් අප සීවලී ඇදුරු මඩුල්ලේ හා ශිශ්‍ය ශිශ්‍යාවන්ගේ උනන්දුව හා මාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ විධිමත් වැඩපිළිවෙල නිසා අප එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව නොරහසකි.එම වසර වලදී මග හැරී ගිය ව්ශය භාහීර කටයුතු මෙම වසර තුල දී සලසා දීම තුලින් සිසු අධ්‍යාපනයට හා නායකත්ව ගුණාංග වර්ධනයට විශාල දායකත්වයක් ඉටු වී ඇත.
2022 වර්ෂයේ දී සිසුන්ගේ ගුණනැණ බෙදා දීමට අප හට ඇත්තේ කෙටි කාලයකි කාලය කලමනා කරගෙන කාර්යක්ශම සහෝදරත්වයෙන් ආලෝකමත් හෙට දිනය උදෙසා අප කාර්යයෙහි නිරත වේ.
නියෝජ්‍ය විදුහල්පති,
සීවලී මධ්‍ය විද්‍යාලය