පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (10-13)
- කමිසය සාමාන්‍ය ප්‍රමාණය චාම් කොළරයක් යුතුය.
- අත කොටට දැමිය යුතු අතර එහි දිග වැලමිටට අඟලක් පමණ උසින් විය යුතුය.
- කමිසයේ වම් පසට චාම් සාක්කුවක් දැමිය යුතු අතර, සාක්කුවෙ හරි මැද ඉහළින් විද්‍යාලීය නාමය සහිත පටිය පැලැඳිය යුතුය. එහි වර්ණය තමා අයත් නිවාසය වර්ණය සහිත පටියක් විය යුතුය.
- කමිසය හා කලිසම සඳහා යොදන සෑම මැස්මක් ම තනි මැස්ම කින් යුතු විය යුතුය.
- කලිසමේ පහළ නැම්මේ වට ප්‍රමාණය පහසුවෙන් තම දණහිසෙන් ඉහලට ගත හැකි වන පරිදි විය යුතුය.
- කලිසම් පටියක් පැළඳීම ට ඉඩ නොදෙන අතර, එබැවින් කලිසමේ ලූප්ස් නොදැමිය යුතුය.
- කලිසමෙහි පිටුපස සාක්කු එකක් පමණක් දැමිය යුතු අතර, එය කලිසම තුළට දැමූ සාක්කුවක් විය යුතුය.
- කලිසම ඉන්නට හිර වනසේ මැසිය යුතු අතර ඉනෙන් පහලට එල්ලා වැටෙන කලිසම ඇඳීමට ඉඩ නොදෙනු ලැබේ.
- කමිසයෙහි පිටුපස රැඳී දෙකක් හා කලිසමේ ඉදිරිපස රැලි දෙකක් දැමිය.
ගැහැණු ළමුන් (6-13)
- චාම් කොළරයක් සහිත ඉදිරිපස කරෙහි කෙටි පෙනුමක් සහිත සුදු ගවුමක් විය යුතු අතර විද්‍යාලය ටයි පටිය දැමිය යුතුය.
- සාක්කුවෙහි හරි මැද ඉහළින් විද්‍යාලීය නාමය සහිත පටිය පැලැඳිය යුතුය. එහි වර්ණය තමා අයත් නිවාසය වර්ණය සහිත පටියක් විය යුතුය.
- ගවුමෙහි බඳ පටිය තමාගේ ඉනට පිහිටන පරිදි විය යුතුය.
- ගවුමෙහි උස දණ ගැසූ විට වාටිය බිම ගෑවෙන තරමට විය යුතුය.
- ඉදිරිපස හා පසුපස පිටිවැල්ල දැමිය යුතු අතර, දෙපසට සාමාන්‍ය රැලි දෙක බැගින් විය යුතුයි